හවුති කැරලිකරුවන් විසින් පාලනය කරනු ලබන යේමනයේ රතු මුහුදේ වෙරළ තීරයේ පිහිටි ප්‍රධාන තෙල් පර්යන්තයකට ඇමරිකානු හමුදා විසින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
මෙම ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 74 දෙනෙකු මිය ගොස් තවත් 171 දෙනෙකු තුවාල ලබා ඇති බවයි හවුති පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
ඉරානයේ සහාය ලබන හවුති ත්රස්තවාදීන් සඳහා ඉන්ධන සපයන මෙම ප්රභවය ඉවත් කිරීමට සහ ඔවුන්ට නීති විරෝධී ආදායම අහිමි කිරීමට මෙම රාස් ඊසා නමැති තෙල් පර්යන්තය විනාශ කළ බව ඇමරිකානු හමුදා සඳහන් කරනවා.
කෙසේවෙතත් වයඹදිග යේමනයේ හවුති ප්රමුඛ රජය පැවසුවේ මෙම පර්යන්තය සිවිල් පහසුකමක් බවත් මෙම ප්‍රහාරය යුද අපරාධයක් වන බවත් ය.
ඊශ්‍රායලයට එල්ල කරන ලද හවුති ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් පසුගිය මාසයේ ඇමරිකානු බෝම්බ හෙලීමේ ව්‍යාපාරය තීව්ර කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කිරීමෙන් පසු සිදු වූ මාරාන්තිකම ප්‍රහාරය මෙය වනවා.

