ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අවධානය යොමුකල යුතු උණුසුම් කාලගුණික තත්ත්වය අද දිනයේත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය, මඩකළපුව, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා මෙම උණුසුම් තත්ත්වය අවධානය යොමුකළ යුතු මට්ටමකට පැමිණ ඇති බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ඒ අනුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසද එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

