යාල ජාතික වනෝද්‍යානය දිනකට පැය දෙකක් සංචාරකයින් සඳහා වසා දැමීමට තීරණය කර තිබෙනවා.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් වන සතුන්ට ඇතිවන ආතතිය අවම කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව දහවල් 12 සිට පස්වරු 2 දක්වා කාලය තුළ උද්‍යානය වසා දමනු ඇත.
මෙම කාලය තුළ පැමිණෙන සංචාරකයින් පටනංගල සංචාරක විවේකාගාරයේ රැඳී සිටිය යුතු වනවා.

