ලංකාවට ගෙන්වූ සුඛෝපභෝගී වාහන 300ක් රේගු භාරයට

ශ්‍රී ලංකාවට ගෙන්වූ සුඛෝපභෝගී වාහන 300ක් පමණ රේගු භාරයට ගෙන තිබෙනවා.

ඒ, කොරෝනා වසංගතය ආරම්භවීමෙන් පසු පැනවුනු ආනයන පාලන රෙගුලාසි උල්ලංඝනය කරමින් ලංකාවට ගෙන්වීම හේතුවෙන්.

එම සුඛෝපභෝගී වාහනවල ණයවර ලිපි නිසි කළට විවෘත කර නොමැති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න සඳහන් කළේ.

ඊට අදාළ විමර්ශනද මේ වනවිට අවසන් අදියරේ පවතින අතර, ඉන් ඇතැම් වාහන රාජසන්තක විය හැකි බවද ඔහු කියා සිටියා.