කොරෝනා ආසාදිතයින් 3254 දෙනෙකු පූර්ණ සුවය ලබයි – 128 රෝහල්ගතව ප්‍රතිකාර ගනී

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3395 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (03) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 7 දෙනාත් සමගය.

එම ආසාදිතයින් 7 දෙනා අතර කුවෙට්හි සිට පැමිණි දෙදෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඊට අමතරව ඕමානයේ සිට පැමිණි පුද්ගලයෙකු, කටාර්හි සිට පැමිණි පුද්ගලයෙකු සහ මධ්‍ය ධරිණී කලාපයේ සිට පැමිණි අයෙක් ඊයේ දිනයේ කොවිඩ්-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණි.

ඒ අනුව මේවන විට ආසාදිතයින් 128 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

කොරෝනා ආසාදිතයින් 3254 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.