අද සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

අද (27) සිට දින 3ක් විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වන බව ජාතික ඩෙංගු 
මර්දන ඒකකය දැනුම් දෙනවා.

ඒ අනුව කොළඹ , ගම්පහ , කළුතර , රත්නපුර , මඩකලපුව , ත්‍රිකුණාමලය, මාතලේ සහ මාතර යන දිස්ත්‍රික්ක අටේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත.

පවතින කඩින්කඩ වර්ෂාව හේතුවෙන් ඩෙංගු යළි ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව තිබීම හේතුවෙනුයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ.

මෙහි දී නිවාස , පාසල් , වැඩබිම්  , කර්මාන්ත ශාලා , ආගමික ස්ථාන සහ පොදු ස්ථාන පරික්ෂා කරනු ඇති.

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තාවී ඇති ඩෙංගු රෝගින් සංඛ්‍යාව 10,886කට අධිකයි.