අද ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය අට හමාරක ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද (27) ජල සැපයුම අත්හිටු වීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

ඒ බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලි බල මණ්ඩලය සතු විදුලි පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනුයි.

ඒ අනුව, අද පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා පැය 8 1/2 ක් කාලයක් මෙසේ ජලසපයුම් අත්හිටුවන ලබනවා.

පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක / සිදුව නගර සභා බල ප්‍රදේශ සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසක මෙසේ ජල සැපයුම අඩාල වෙනු ඇත.