මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
මාධ්‍ය හමුවක් පවත්වමිනුයි පුජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි මෙම අදහස් පළ කළේ.
මිහින්තලා පුදබිමේ කටයුතු සඳහා පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් තමන් එම කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

