වැඩිහිටි දීමනාව මේ මස 20 සිට

අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන්ට හැර මෙතෙක් දීමනා ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් මේ මස 20 වනදා සිට රුපියල් තුන්දහසේ මාසික දීමනාව ගෙවීමට කටයුතු කරන බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සදහන් කළා.

ඒ අනුව මාර්තු 20 වන දා සිට තැපැල්, උප තැපැල් කාර්යාල හරහා එම දීමනාව ලබා ගත හැකි වනවා.

අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සදහා පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ඍජුවම එස්. එල්. අයි. පී. එස්. ක්‍රමය හරහා අස්වැසුම් ගිණුම්වලට අදාළ දීමනා ගිණුම් ගත කර තිබෙනවා.