මෝදි අප්‍රේල් මුල් දිනවල දිවයිනට

එළැඹෙන අප්‍රේල් මස මුල්දින කිහිපයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට සංචාරයක නිරතවීමට නියමිතයි.

අද (15) පාර්ලිමේතුවේ අදහස් දක්වමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කළා.

එම සංචාරයේදී දෙරට අතර නව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට ද සැලසුම් කර ඇති බවයි ඔහු පැවසුවේ.