ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සිංහල සංගමය විසින් සංවිධානය කරන ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ වාර්ෂික පොත් ප්‍රදර්ශනය ලබන 17 වනදා ආරම්භ වීමට නියමිතයි.
නීතිය, අධ්‍යාපනය, කලාව සහ සාහිත්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් පොත් දහස් ගණනක් මෙවර පොත් ප්‍රදර්ශනයට එක් වීමට නියමිතයි.
මේ අතර විදෙස් පොත්පත් අළෙවි කුටියක්ද පැවැත්වෙන බවයි සංවිධායක මණ්ඩලය පවසන්නේ.
මෙරට ප්‍රධාන පොත් ප්‍රකාශකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රදර්ශනයේදී නීති ක්ෂේත්රයේ ප්‍රමුඛතම ලේඛකයන් රැසකගේ පොත්පත් ලබා ගැනීමේ අවස්ථාව අවස්ථාව ලැබෙනවා.
මෙම ප්‍රදර්ශනය එළඹෙන 17 වැනිදා සිට 20 වන දා දක්වා පෙ.ව 10.00 සිට ප.ව 05.00 දක්වා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා.

