මහවැලි B කලාපයේ වාන් දොරටු රැසක් විවෘත කරයි

පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු මහවැලි B කලාපයට දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශ රැසක් සහ වැව් කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා. 

ඒ අනුව කන්තලේ ජලාශයේ වාන් දොරටු 10ම විවෘත කර ඇති අතර කවුඩුල්ල වැවේ වාන් දොරටු 02ක්ද විවෘත කර ඇති බවයි වාර්තා වෙන්නේ. 

එසේම මාදුරුඔය, කුඩාඔය පිටාර ගැලීමෙන් සහ වැසි ජලය හමුවේ ප්‍රදේශ රැසක අස්වනු නෙළීමට තිබූ කුඹුරු අක්කර දෙදහසකට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමෙන් ගොවීන් දැඩි පීඩාවට පත්ව තිබෙනවා.