බාල වයස්කරුවන් 683 දෙනෙකු ගෘහ සේවය සඳහා විදෙස්ගත වෙලා

2023 මැයි මාසයේ සිට 2024 ජුනි දක්වා, බාල වයස්කරුවන් 683 දෙනෙකු ගෘහ සේවය සඳහා විදෙස්ගතව ඇතැයි අනාවරණය වී තිබෙනවා.

ඒ, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් කැඳවූ අවස්ථාවේදීයී.

එසේම එම කාලසීමාව තුළ නේවාසික පුහුණුවකින් තොරව ගෘහ සේවිකාවන් විදෙස්ගත කිරීම හේතුවෙන් කාර්යංශයට රුපියල් කෝටි 63 ක පමණ මුදලක් අහිමිවී ඇතැයි ද, කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේ ය.