රට තුළ කිසිදු අවස්ථාවක ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා.
අද (02) දිනයේ ද ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කෙරෙන බවයි එහි සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පැවසුවේ.
එසේම බස්නාහිර පළාතෙන් ඉන්ධන ඇණවුම් 500ක් පමණ මේ වනවිටත් ලැබී ඇති බවත් ඔහු සඳහන් කරනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසා සිටියේ, “රටේ තෙල් නැතිවීමේ ගැටලුවක් වෙන්නේ නෑ. එක එක කට කථාවලට බය වෙලා ජනතාව ඉන්ධන පිරවුම්හල් වෙත ගියොත් තමයි ගැටලුවක් වෙන්නේ.” යනුවෙනි.

