පොලිස් දෙපාර්තමේන්තුවට වෙනම වැටුප් ව්‍යුහයක්

පොලිස් දෙපාර්තමේන්තුව සඳහා වෙනම වැටුප් ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඒ සඳහා මේ වනවිට සැලසුම් සකස් කර ඇති බවයි අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

එමෙන්ම කිසිදු පොලිස් නිලධාරියෙකු හෝ රාජ්‍ය සේවකයෙකුගේ වැටුප් අඩු කිරීමක් සිදුකර නැති බවත් අවුරුදු කිහිපයකට පසු මූලික වැටුප වැඩි කිරීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

“දැනට පොලිස් කොස්තාපල්වරයෙකුගේ මූලික වැටුප රුපියල් 29,540. ඒක මේ අවුරුද්දේ 44,293ක් වෙනවා. ඒක මේ අවුරුද්දේ වැඩිවෙනවා 6,182ක්, පොලිස් සාජන්වරයෙකුට රුපියල් 6,441.54, SI කෙනෙකුට, 6551.72ක්, IP කෙනෙකුට 7040.24, CI කෙනෙකුට 7655.74ක් ASP කෙනෙකුට 8244.11, SP, SSP කෙනෙකුට 9,925ක්, DIG සීනියර් DIG, 11,118, IGP 13,223ක් මේ අවුරුද්දේ වැඩි වෙනවා. 

ඊට අමතරව පොලිස් කොස්තාපල්වරයෙකුගේ දැනට තියෙන මූලික වැටුප 29,540 වැටුප මේ අවුරුද්දේදී 44,293ක් වෙනවා 2026දී 46,921 වෙනවා 2027දී 49,550ක් වෙනවා අද මූලික වැටුප 29,540ක් තියෙන කොට 2027 වසරේදි 49,550ක් වෙනවා. ඒ වගේම මේකට අදාළව අනෙකුත් දීමනාත් වැඩි වෙනවා.”