ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය සැපයුම් ලබා දීමේදී පාරිභෝගිකයින්ගෙන් ලබාගෙන ඇති සුරක්ෂිත තැන්පතු මුදල් සදහා ගෙවිය යුතු වාර්ෂික පොලී මුදල් ඔවුන් වෙත ගෙවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබුවා.
ඒ. එස්. තුරෙයිරාජා, සෝභිත රාජකරුණා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකගේ නියෝගයකට අනුවයිලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය වසරේ ජනවාරි 30වනදා තම අධිකරණයට ඉදිරිපත් කර ඇති මෝසම් පත්‍රයේ සදහන් ආකාරයට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවනු ලබන සියයට 11.67 ක වාර්ෂික පොලිය ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ට මෙන්ම අනෙකුත් විදුලි පාරිභෝගිකයින්ට ද ගෙවිය යුතු බවටයි එහිදී වැඩිදුරටත් නියෝග කෙරුණේ.
ලංකා විදුලි බල පනතේ 28/3 පනත ප්‍රකාරව ලබාගෙන ඇති වාර්ෂික පොලී මුදල පාරිභෝගියන්ට ගෙවන ලෙසට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගියන්ගේ සංගමය, එම සංගමයේ සභාපති මහේෂ බණ්ඩාර ඉලංගසිංහ හා ලේකම් ප්‍රසාද් භාතිය අමරකොන් යන මහත්වරුන් විසින් ගොනු කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැදවූ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය සිදු කරනු ලැබුවේ.
විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහජන උපයෝගිතා කොමිෂන් සභාව හා නීතිපතිවරයා එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණා.

