මැයි මාසයෙන් පසු පොල් මිල පෙර මිලට නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.
ශ්රී ලංකාවේ පොල් පර්යේෂණ ආයතනය මෙම වසරේ මුල් මාස හතර සඳහා අපේක්ෂිත අස්වැන්න අඩුවීම පොල් මිලියන 200 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවයි අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා සඳහන් කළේ.
අස්වැන්න අඩුවීම නිසා ඇති වන පරතරය පියවා ගැනීම සඳහා ආයතන කිහිපයකට පොල් කිරි, පොල් කුඩු සහ පොල් ආනයනය කිරීමට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව එම ආනයනය කිරීමේ කටයුතු ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

