නේපාලයේ භූ කම්පනයක්

අද අලුයම 2:51 ට පමණ නේපාලයේ භූ කම්පනයක් ඇති වී තිබෙනවා.

එය රිච්ටර් මාපකයේ 6.1 ක ප්‍රබලත්වයෙන් යුතු බව එරට ජාතික භූමිකම්පා නිරීක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානය එහි වෙබ් අඩවියේ සඳහන් කරනවා.

එහි කේන්ද්‍රය හිමාලයානු ජාතියේ මධ්‍යම කලාපයේ සින්දුපල්චව්ක් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙය නේපාලයේ ප්‍රදේශ කිහිපයක, විශේෂයෙන් නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවල ජනතාවට දැනී තිබෙනවා.

කම්පනය හේතුවෙන් ජිවිත හානි කිසිවක් වාර්තා වී නැහැ.