අයවැය තුන්වෙනි වර කියවීම හෙවත් අයවැය කාරක සභාව විවාදය අද දෙවැනි දිනටත් පැවැත්වෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ පිළිබඳව අද (28) කාරක සභා අවස්ථාවේ විවාදයට ගැනීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
කාරක සභා අවස්ථාවේ විවාදය ඊයේ ආරම්භ වූ අතර එය ලබන 21 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

