සේවය හැර ගොස් සිටින හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග

නීත්‍යානුකූල නොවන ලෙස ත්‍රිවිධ හමුදාවෙන් පළාගොස් සිටින සියලු සාමාජිකයින් වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව දැනට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වී නොමැති සියලු ත්‍රිවිධ හමුදා සෙබලුන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත.