අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක අසාධ්‍ය තත්ත්වයේ පසු වන නමුත් උන් වහන්සේ සියලු දේ සඳහා නිසි ප්‍රතිචාර දැක්වීම සිදුකරන බව වතිකානය නිවේදනය කරනවා.
සිදු කරන ලද රුධිර පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ ඔහුගේ වකුගඩු අකර්මණ්‍ය වීමේ මුල් අවධියේ ලක්ෂණ පෙන්නුම් කරන බවයි.
එසේම මේ වන විට පාප් වහන්සේට ඔක්සිජන් ප්‍රතිකාරය ලබා දී ඇති අතර උන්වහන්සේ රුධිර පාරවිලයනයට භාජනය කර තිබෙනවා.
දින කිහිපයක් පුරා හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පෙලුනු පාප්වහන්සේ ඉකුත් 14 වැනිදා රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කෙරුණා.
එහිදී ඔහුට මුලින්ම බ්රොන්කයිටිස් රෝගය සඳහා ප්‍රතිකාර ලබාදී තිබෙනවා.
උන්වහන්සේගේ පෙනහළු දෙකෙහිම නියුමෝනියාව ඇති බව හඳුනා ගනු ලැබුවේ ඉන් අනතුරුවයි.
ඊයේ, පාප් වහන්සේගේ රුධිර පට්ටිකා ප්‍රමාණය ඉතා අඩු වූ විට ඇතිවන තත්වයකටද මුහුණ දී තිබෙනවා.
මේ අතර, පාප්වහන්සේ සිය සෞඛය තත්ත්වය පිළිබඳව ජනතාවට විවෘතව දැනුම් දෙන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබුණි.
ඒ අනුවයි වතිකානය උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වරින් වර නිවේදන නිකුත් කරමින් සිටින්නේ.

