අයවැය දෙවනවර කියවීමේ විවාදය අද තෙවන දිනටත් පැවැත්වීමට නියමිතව තිබෙනවා
අයවැය දෙවනවර කියවීමේ විවාදය ලබන 25 වනදා දක්වා දින හතක් පැවැත්වෙනවා.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ 79 වන අයවැය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4 ක් ඇතුළුව දින 19 ක් පැවැත්වීමට නියමිතය.
විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වන දින සවස 6:00 ට පැවැත්වීමට නියමිතය.

