දැරිය හැකි මිලකට එන අලුත්ම iPhone 16e

Apple සමාගම විසින් සැමට දැරිය හැකි මිලකට එහෙත් නවතම AI විශේෂාංග ඇතුළත් කරමින් අලුත්ම දුරකතනයක් හඳුන්වා දී තිබෙනවා .

iPhone 16e ලෙස නම් කර ඇති මෙම දුරකථනයේ iPhone 16 හි ඇති processor එකම සහ storage පහසුකමම පවතින අතර එයට සමාන විශාලත්වයකින් ද යුතු වනවා.

කෙසේවෙතත් මෙහි ඇත්තේ එක් පසුපස කැමරාවක් පමණි.

පසුගිය වසර ගණනාවක සිටම Apple සමාගමේ ජංගම දුරකථන සහ අනෙකුත් උපාංග වල විකිණීම් ශීග්‍රයෙන් පහළ යමින් පවතින අතර ඒ සඳහා පිලියමක් ලෙසයි මෙම නවතම දුරකථනය අඩු මිලට හඳුන්වා දීමට ඔවුන් තීරණය කර ඇත්තේ.

පෙබරවාරි 21 වන දින සිට රටවල් 59 කින් iPhone 16e පෙර ඇණවුම් සඳහා ලබා ගත හැකි වනවා.

එසේම පෙබරවාරි 28 වන දා මෙම දුරකථනය නිල වශයෙන් එළි දැක්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.