ජීවත්වන පරිසරය පිරිසිදුව තබා ගන්න – ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්

පවතින වර්ෂාපතනයත් සමග ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 25 ක් වාර්තා වී ඇති බවයි. එම කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 26 238 කි

ඒ හේතුවෙන් තමන් ජීවත්වන පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙස ඔහු මහජනතාවට දැනුම් දෙයි.