බැට්මෑන් රූගත කිරීම් නවතයි – ප්‍රධාන නළුවාටත් කොරෝනා

“The Batman” චිත්‍රපටයේ රූගත කිරීම් නැවතත් තාවකාලිකව නවතා දමා තිබේ. ඒ, එහි බැට්මෑන් චරිතය රඟපෑ රොබර්ට් පැටිසන් ට කොරෝනා වෛරසය වැළඳී ඇතිබවට තහවුරු වීම හේතුවෙනි.

මෙම චිත්‍රපටයේ රූගත කිරීම් මෙම වසරේ මුලදී ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හීදී ඇරඹුන ද කොරෝනා වසංගතය හේතුවෙන් එය නවතා දැමිණි.

ලොව ප්‍රකට වෝර්නර් බ්‍රදර්ස් සමාගම විසින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබයි.

34 හැවිරිදි පැටිසන් මාධ්‍ය වාර්තා ගැන කිසිවක් ප්‍රකාශ කර නැත.