ලොව වැඩියෙන්ම අය කරන හොලිවුඩ් නළුවාටත් කොරෝනා

ලොව වැඩියෙන්ම අය කරන හොලිවුඩ් නළුවා ලෙස සැලකෙන්නේ ඩ්වේන් “ද රොක්” ජොන්සන් ය. ඔහු පසුගිය දා හෙළිකළේ ඔහු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජකයින් සිව් දෙනාට ම කොරෝනා වෛරසය ආසාදනය වූ බවය.

තම සෞඛ්‍ය ආරක්ෂාව ගැන දැඩි උනන්දුවක් දැක්වුව ද ජොන්සන්, ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනාට ළඟ ම මිතුරෙක් මගින් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනිණි.

“අපිට දැන් හොඳට ම හොඳයි.” 48-හැවිරිදි ජොන්සන් පැවසීය.

ඔවුන් සිව් දෙනාට මීට සති 2 1/2 පමණ පෙර වෛරසය ආසාදනය වන්නට ඇතැයි අනුමාන කෙරේ.

හිටපු මල්ලව පොර ශූරයෙක් වන ජොන්සන් ජුනි මාසයෙන් නිමවූ වර්ෂයක කාලය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 87.5ක් උපයා තිබේ. 

Movie - Fast & Furious - Furious 7 - Dwayne Johnson - The Rock - Vin Diesel  - Paul Walker - Jason Statha… | The rock dwayne johnson, Dwayne the rock,  Dwayne johnson