ලොව වැඩියෙන්ම අය කරන හොලිවුඩ් නළුවා ලෙස සැලකෙන්නේ ඩ්වේන් “ද රොක්” ජොන්සන් ය. ඔහු පසුගිය දා හෙළිකළේ ඔහු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජකයින් සිව් දෙනාට ම කොරෝනා වෛරසය ආසාදනය වූ බවය.
තම සෞඛ්‍ය ආරක්ෂාව ගැන දැඩි උනන්දුවක් දැක්වුව ද ජොන්සන්, ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනාට ළඟ ම මිතුරෙක් මගින් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනිණි.
“අපිට දැන් හොඳට ම හොඳයි.” 48-හැවිරිදි ජොන්සන් පැවසීය.
ඔවුන් සිව් දෙනාට මීට සති 2 1/2 පමණ පෙර වෛරසය ආසාදනය වන්නට ඇතැයි අනුමාන කෙරේ.
හිටපු මල්ලව පොර ශූරයෙක් වන ජොන්සන් ජුනි මාසයෙන් නිමවූ වර්ෂයක කාලය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 87.5ක් උපයා තිබේ.


