රළු මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50-60 දක්වා වැඩි විය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.