මිලියන 170 ක පරිශීලකයින් කනස්සල්ලට පත් කරමින් ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය යටතේ අමෙරිකාව සිය රට තුළ TikTok යෙදවුම ක්‍රියාවිරහිත කර තිබෙනවා.
පසුගිය දා එරට අධිකරණය විසින් ලබාදුන් නියෝගය පරිදි අද (19) දිනයේ සිට TikTok යෙදවුම අමෙරිකාවේ භාවිතය තහනම් කිරීමට නියමිතයව තිබුණා.
කෙසේවෙතත් ඊයේ (18) පස්වරුවේ සිටම Apple සහ google App store වලින් TikTok යෙදවුම් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව ක්‍රියා විරහිත වූ TikTok යෙදවුමේ දැන්වීමක් පළ කරමින් සිට අමෙරිකානු පරිශීලකයින්ට පවසා ඇත්තේ,
“එක්සත් ජනපදයේ ටික්ටොක් තහනම් කිරීමේ නීතියක් පනවා ඇත. ඒ අනුව අවාසනාත්මක ලෙස ඔබට දැනට TikTok භාවිතා කළ නොහැකි. ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු TikTok නැවත ස්ථාපිත කිරීම සඳහා විසඳුමක් සම්බන්ධයෙන් අප සමඟ කටයුතු කරන බව පවසා තිබීම වාසනාවක්. එබැවින් කරුණාකර අප සමඟ රැඳී සිටින්න” යනුවෙනි.
ලොවපුරා අතිශය ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන TikTok යෙදවුම චීනයේ ‘බයිට් ඩාන්ස්’ නම් තාක්ෂණික සමාගමට අයත් වේ.
මේ අතර චීනයේ එම බයිට් ඩාන්ස් සතු වීඩියෝ editing යෙදුමක් වන Capcut සහ Lemon8 යන යෙදවුම් ඇතුළුව අනෙකුත් යෙදුම් ද මෙලෙස ක්‍රියාවිරහිත කර ඇති බව සඳහන්.

