ට්‍රම්ප් හෙට දිව්රුම් දෙයි

ජනවාරි 20 වැනිදා දිවුරුම් දීමට නියමිත තේරීපත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ති උත්සවය හෙටට යෙදී තිබෙනවා.

සාම්ප්‍රදායිකව මෙම පදවිප්‍රාප්ති උත්සව අමෙරිකානු පාර්ලිමේන්තුව එනම් කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට පැවැත්වෙන නමුත් මෙවර වොෂින්ටන් හි කැපිටල් වන් ඇරීනා ගොඩනැගිල්ල ඇතුළත මෙය පැවැත්වෙනු ලබනවා .

ඒ වොෂින්ටන් නුවරට බලපා ඇති අධික ශීත කාලගුණය හේතුවෙනුයි.

එම ගොඩනැගිල්ලේ පුද්ගලයන් 20,000ක් පමණ විශාල පිරිසකට අසුන් ගැනීමට හැකි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර පදවි ප්‍රාප්තියෙන් අනතුරුව කැපිටල් වන් අරීනා ඉදිරිපිට ‘මේක් ඇමෙරිකා ග්‍රේට් අගේන් වික්ටරි රැලී’ නම් මැතිවරණ රැලියකට සමාන ස්වරූපයකින් රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.