විදුලි බිල සංශෝධනය ඊයේ සිට ක්‍රියාත්මකයි

විදුලිබිල සමස්තයක් ලෙස 20%කින් පමණ අඩු කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ පිළිගන්නා බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසනවා.

ඒ අනුව ජනවාරි 17වන දින රාත්‍රි 12.00 සිට විදුලිබිල අඩුකිරීම ක්‍රියාත්මක කරන බවත් රටේ සියලු විදුලි පාරභෝගිකයන්ටත් සතුටින් දැනුම් දෙන බවත් අද (18) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළා

රටේ සියලු ජනතාවටත් විශේෂයෙන්ම හෝටල් ක්ෂේත්‍රයට හා කර්මාන්තකරුවන්ටත් මෙහි ප්‍රතිලාභ ඉහළින් ලැබුනු ඇතැයි බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එමෙන්ම විදුලිබිල මෙලෙස සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවීම ජනතාවට විශාල සහනයක් වනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.