රජයට අයත් වාණිජමය නොවන ආයතන 166 ක් මගින් සිදුකරන මහජන සේවා හා නියාමන කාර්යන් වඩාත් ගුණාත්මකව සිදුකිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සඳහන් කරනවා.
ඒ අනුව එම ආයතන 166 මගින් සලසන මහජන සේවාවන්හි ගුණාත්මක භාවය සහ එම සේවාවන් ලබාගැනීමේදී මහජනතාව මුහුණ දෙන ගැටලු සහ සේවාවන්හි ගුණාත්මක බව ඉහල නැංවීමට වන යෝජනා මහජනතාවගෙන් ලබා ගැනීමට නියමිතව තිබෙනවා.
මෙම අදහස් විමසීමට අදාළ නිර්දේශිත ආයතනවල නම් ලැයිස්තුව https://pmoffice.gov.lk/soesuggestions.php වෙබ් සබැඳියෙන් බාගත කරගත හැක.
එහි සඳහන් ආකෘති පත්‍රය පුරවා මහජනයාට තම අදහස් මෙම මස 31 දක්වා මෙම කමිටුවට ලබාදිය හැකි බවත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා.

