ඉන්දීය මහ කොමසාරිස් සහ විපක්ෂනායක අතර හමුවක්

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්වුනා.

මෙම හමුව අතරතුර දෙපාර්ශ්වයම විවිධ ආර්ථික, සමාජීය සහ දේශපාලනික කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

එසේම මෙහි දී ඉන්දීය රජය දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවට තම සමීපතම අසල්වැසියා ලෙස ලබා දී ඇති සහයෝගයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය කෘතඥතාව පළ කිරීම ද සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට සහ බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට අවශ්‍ය සහයෝගය අඛණ්ඩව ලබා දෙන ලෙස ද ඔහු ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.