කොටස් වෙළඳපොල අදත් ඉහළට

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක 63.58 කින් ඉහළ ගොස් තිබෙනවා.

එය ප්‍රතිශතාත්මක ලෙස ගත් විට 0.39% ක ඉහළ යාමක් වනවා.

මෙම ඉහළ යාමෙන් පසු ඒකක 16,215.93 කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 5ක් ලෙසයි.