ඇමරිකා එක්සත් ජනපද තාක්ෂණ සමාගමක් වන Realbotix විසින් සහකාරියක එහෙමත් නැත්නම් පෙම්වතියක ලෙස ක්‍රියා කළ හැකි AI රොබෝවරියක එළි දක්වලා තිබෙනවා .
2025 ලාස් වේගාස් හී පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනයේ දී මෙම රොබෝවරිය එළි දක්වා තිබෙනවා.
ඇයගේ මිල ඩොලර් 175,000 ක් පමණ වනවා.
Aria ලෙස නම් කර ඇති ඇය AI මඟින් බල ගන්වා තිබෙනවා .
එසේම මුහුණේ ඉරියව් සඳහා මෝටර් 17ක් යොදා ගෙන තිබීම හේතුවෙන් ඇය සැබෑ මිනිස් කාන්තාවක් ලෙසම දිස් වන බවයි වර්තා වෙන්නේ.
එසේම තමන් ඉදිරියේ පවතින දේ හඳුනා ගැනීම සඳහා ඇයගේ සැඟවුණු කැමරා ද පවතින අතර ඒ හරහා අපි ඇය ඉදිරියේ ඇපල් ගෙඩියක් කන්නේ නම් එය හඳුනා ගෙන එහි රසය කෙසේ දැයි විමසීමේ හැකියාවක් ඇයට තිබෙනවා .

