සංචාරක කලාප 13 ක් අලුතින් හඳුනාගෙන ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව යාපනය – කුච්චවෙලි, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, මාතලේ සහ ත්රිකුණාමළය වැනි ප්රදේශවල නව සංචාරක කලාප පිහිටු වීමට සැලසුම් කර ඇති බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ
මේ වනවිට මෙරට සංචාරක කලාප 26ක් නම් කර ඇති අතර එයට අමතරව මෙම නව සංචාරක කලාප හදුන්වාදීමට නියමිතය.
මේ අතර 2025 වසරේ ගතවූ මුල් දින නමය තුළ සංචාරකයින් 70,944 ක් මෙරටට පැමිණ තිබෙනවා.

