පොහොර සහනාධාරය සඳහා මුදල් ලබාදීම මේ වනවිට 95%කින් අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කොමසාරිස් ජනරාල් යූ. බී. රෝහණ රාජක්ෂ මහතා පවසා සිටියේ මේ වනවිට රුපියල් මිලියන 16,369ක මුදලක් ලබාදී ඇති බවය.
පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වනදා වනවිට පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 9,889 මුදලක් ගොවීන් වෙත නිකුත් කර තිබුණි.
එසේම මේ වසරේ අද (15) දිනය වනවිට රුපියල් මිලියන 1,666 මුදලක් ලබාදී තිබෙනවා.
අනුරාධපුරය, අම්පාර සහ කුරුණෑගල යන දිස්ත්රික්කවලට වැඩිම සහනාධාර මුදල් ලබාදී ඇති බවද ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ. බී. රෝහණ රාජක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

