ප්රධාන ජලාශ 73න් 27ක් මේ වන විට වාන් දමන මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
අනුරාධපුර දිස්ත්රික්කයේ ප්රධාන ජලාශ 10න් 07ක් මේ වන විට වාන් මට්ටමට ළඟා වී ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්යක්ෂ, ඉංජිනේරු පී.එස්.ඩී හේරත් මහතා පැවසුවේය.
අම්පාරේ ප්රධාන ජලාශවලින් තුනක් පිටාර මට්ටමට ළඟා වී ඇති අතර, බදුල්ල දිස්ත්රික්කයේ ජලාශ 7න් 3ක් මේ වනවිට පිටාර මට්ටමට ළඟා වී ඇති බව ද ඒ මහතා කියා සිටියේය.
එසේම මඩකලපුව දිස්ත්රික්කයේ ප්රධාන ජලාශ 4න් 3ක් මේ වනවිට පිටාර මට්ටමට ළඟාවී ඇති අතර, හම්බන්තොට ප්රධාන ජලාශ 10න් දෙකක් පිටාර මට්ටමට ළඟා වී තිබෙනවා.
ගාල්ල දිස්ත්රික්කයේ ප්රධාන ජලාශ දෙකෙන් එකක් පිටාර මට්ටමේ ඇති අතර, මහනුවර දිස්ත්රික්කයේ ප්රධාන ජලාශ 3න් 2ක් පිටාර මට්ටමට ළඟා වී තිබේ.
කුරුණෑගල දිස්ත්රික්කයේ ජලාශ 10න් එක් ජලාශයක් වාන් දමමින් පවතින අතර, මොනරාගල දිස්ත්රික්කයේ ජලාශ 3න් දෙකක් වාන් දමමින් ඇති අතර පොළොන්නරුවේ ද ප්රධාන ජලාශ 4න් එකක් වාන් දමමින් තිබෙන බව පී.එස්.ඩී හේරත් මහතා පැවසීය.
පුත්තලම දිස්ත්රික්කයේ වාන් දැමීමක් වාර්තා නොවන අතර, ත්රිකුණාමලය දිස්ත්රික්කයේ 5න් දෙකක් මේ වනවිට වාන් දමමින් තිබෙන බව ද ඒ මහතා කියා සිටියේය.

