නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.
ඊයේ (12) රාත්රී 8.30 සිට අද (13) රාත්රී 8.30 දක්වා වු පැය 24 සඳහා මෙම නිවේදනය වලංගු වන බවයි සංවිධානය සඳහන් කරන්නේ.
ඒ අනුව පහත සඳහන් ප්රදේශවලට පූර්ව අනතුරු ඇඟවීමේ කහ නිවේදනයක් නිකුත් කර ඇත.
බදුල්ල දිස්ත්රික්කය:
– වැලිමඩ
– පස්සර
– හාලිඇල
– බදුල්ල
මහනුවර දිස්ත්රික්කය:
– මැදදුම්බර
– පාතදුම්බර
– උඩුදුම්බර
කුරුණෑගල දිස්ත්රික්කය:
– රිදීගම
මාතලේ දිස්ත්රික්කය:
– උකුවෙල
– රත්තොට
නුවරඑළිය දිස්ත්රික්කය:
– වලපනේ
– හගුරන්කෙත

