රුපියල් මිලියන 80,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අද (30) සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.
එහිදී ඒ ශ්‍රේණිය යටතේ පළමු අදියර ලෙස රුපියල් මිලියන 45,000 ක භාණ්ඩාගාර බැඳුම්කර සහ දෙවන අදියර ලෙස රුපියල් මිලියන 35,000 ක භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමට නියමිතයි.
මෙම භාණ්ඩාගාර වෙන්දේසියේ අවම ලංසුව වන්නේ රුපියල් මිලියන 05කි .

