දකුණු කොරියාවේ Muan නගරයේ ගුවන් තොටුපළකදී මගී ගුවන් යානයක් ධාවන පථයෙන් ලිස්සා යාමෙන් පසු ගිනි ගැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 85 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
තායිලන්තයේ බැංකොක් අගනුවර සිට මගීන් 175 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 6 දෙනෙකු රැගත් මෙම ගුවන් යානය Muan ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බසිමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.
එරට ජාතික ගිනි නිවන ඒජන්සිය තහවුරු කළේ කාන්තාවන් 46 ක් සහ පිරිමින් 39 ක් මිය ගිය පුද්ගලයන් අතර වන බවයි .
කෙසේවෙතත් දකුණු කොරියානු බලධාරීන් සැක පළකර ඇත්තේ බේරාගත් පුද්ගලයින් දෙදෙනෙකු හැර අන් සියල්ලම මියගොස් ඇති බවය.


