2024 වසරේ මේ දක්වා කාලය තුළ වන අලි 350 දෙනෙකු පමණ මියගොස් ඇතැයි, වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.
ඉන්, වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ, වෙඩි තැබීම් වලින්.
එම සංඛ්‍යාව, 70 කට ආසන්න වනවා
එසේම විදුලි සැර වැදීමෙන් වන අලි 50 දෙනෙකු මියගොස් තිබේ.
හක්ක පටස් ආහාරයට ගැනීමෙන් 35 කට ආසන්න පිරිසක් මියගොස් තිබිණි.
දුම්රියේ ගැටී මියගොස් ඇති වන අලි සංඛ්‍යාව, 10 ක් වනවා.
පෙර වසරවලට සාපේක්ෂව මෙම වසරේ වන අලි මරණ වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි වන ජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

