අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් පසුගිය 25 දා කඩා වැටීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පූටින් අසර්බයිජාන ජනාධිපතිවරයාගෙන් සහ එරට වැසියන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.
ඒ එම ගුවන්යානයයට රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විමර්ශනවලින් අනාවරණය වීමත් සමගය.
රුසියානු හමුදාව විසින් එය යුක්රේන හමුදාවේ සතුරු ඩ්‍රෝන යානයක් යැයි වරදවා වටහා ගැනීම හේතුවෙන් මෙලෙස එම ගුවන් යානයට පහර දී තිබෙනවා.
පුටින්ට අමතරව රුසියන් රජය මෙන්ම රුසියාවේ හමුදාව ද මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරනවා.
මේ අතර රුසියානු ජනාධිපති පුටින්ගේ ශෝක පණිවිඩ නිකුත් කිරීමට පෙරම අසර්බයිජානයේ ගුවන් සමාගම් කිහිපයක් රුසියානු නගර බොහොමයකට ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.
ගුවන් යානය කඩා වැටීම පිළිබඳ විමර්ශන අවසන් වන තුරු මෙම අත්හිටුවීම පවතිනු ඇති බවද සඳහන් වනවා.
අසර්බයිජාන මගී ගුවන් යානය කඩා වැටීමට හේතුව රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් බව පළමුව අනාවරණය කරන ලද්දේ අමෙරිකාවේ බුද්ධි අංශය විසිනි.

