ආධාර හිඟ වීමත් සමඟ ගෝලීය සාගතය උග්‍ර වීමේ අවධානමක්

ලොව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අවම වීමත් සමග ගෝලීය සාගතය තවදුරටත් උග්‍ර වීමේ අවධානමක් මතුව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ඔවුන් අවධාරණය කරනුයේ 2025 වසරේ දී ලෝකයේ මිලියන 307කට මානුෂීය ආධාර අවශ්‍ය වන නමුත් ආධාර රැස්කර ගත හැක්කේ ඉන් සියයට 60ක් සඳහා පමණක් බවය.

එක්සත් ජාතීන්ගේ ඉහළම මානුෂීය පරිත්‍යාගශීලියෙකු වන ජර්මනිය විසින් ලබා දෙන ආධාර ප්‍රමාණය අඩු කර ඇති අතර ට්‍රම්ප් බලයට පත් වීමත් සමඟ ඇමරිකාවෙන් ලැබෙන ආධාර සමබන්ධයෙන් ද අවිනිශ්චිතතාවයක් මතුව තිබෙනවා.

ඒ අනුව 2025 වසරේ දී ලෝකයේ මිලියන 117ක පමණ පිරිසකට මානුෂිය ආධාර නොලැබෙනු ඇතැයි ඔවුන් අනතුරු අඟවා තිබේ.

මෙම වසරේදීත් ආධාර අවශ්‍ය පිරිස් වෙන මානුෂිය ආධාර ලබා දීම සඳහා ඩොලර් බිලියන 49.6ක් අවශ්‍ය බවට එක්සත් ජාතීන් ඇස්තමේන්තු ගත කර තිබුණත් ඔවුන්ට ඉන් සපයා ගත හැකි වූයේ සියයට 46ක් පමණි.