ICC ශූරයන්ගේ කුසලානයේ කාලසටහන නිකුත් කරයි

ICC ශූරයන්ගේ කුසලානයේ නිල තරග කාලසටහන ඊයේ (24) ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

පාකිස්තානයේ සත්කාරක අයිතිය යටතේ පැවැත්වෙන මෙවර තරගාවලිය පෙබරවාරි 19වනදා ආරම්භකර මාර්තු 9 වනදා අවසන් වනවා.

ඉන්දියාව සහ පකිස්තානය අතර පවත්නා මත ගැටුම් හේතුවෙන් , ඉන්දියාව පාකිස්තානයට යෑම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඉන්දියාව ක්‍රීඩාකරන සියලු තරග ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමටයි සැලසුම් කර තිබෙනවා.

මේ හේතුවෙන් මූලික වටයේදී පාකිස්තානය හා ඉන්දියාවද එකම කාණ්ඩයෙන් ක්‍රීඩාකරන බැවින් එම තරගය ක්‍රීඩාකිරීම සඳහා පාකිස්තානයට  ඩුබායි බලා පිටත්ව යාමට සිදුව ඇත.

තරග කාලසටහන අනුව ඉන්දියාව හා පාකිස්තානය පෙබරවාරි 23 වනදා තරගවැදීමට නියමිතය.

එමෙන්ම මූලික වටයෙන් පසු ඉන්දියාව අවසන් මහා තරගය දක්වා ඉදිරියට ගියහොත් ඒ සෑම  තරගයක්ම ද ඩුබායිහිදී පැවැත් වේ.

මූලික වටයේ තරග ‘A’ හා ‘B’ ලෙස කොටස් දෙකක් යටතේ පැවැත්වෙන අතර, එහි ‘A’කාණ්ඩයෙන් සත්කාකර පාකිස්තානය, බංග්ලාදේශය සහ නවසීලන්තය සහ ඉන්දියාව ක්‍රීඩාකරයි.

‘B’ කාණ්ඩයට ඇෆ්ගනිස්තානය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය හා දකුණු අප්‍රිකාව ඇතුළත්ව ඇත.

පළමු තරගය පෙබරවාරි 19වනදා පකිස්තානයේ කරච්චි නුවර, පාකිස්තානය හා නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන