බීමතින් රිය ධාවනය කළ 251 දෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථවාහන මෙහෙයුම යටතේ ගත වූ පැය 24  තුළ බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් 251 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව අනෙකුත් මාර්ග නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් රියදුරන් 8,747 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.