මහවැලි ගඟ, හැඩඔය, දැදුරු ඔය සහ මුන්දෙණිආරු සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනය ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව එම ගංගා ආශ්රිත පහත්බිම්වල වෙසෙන ජනතාව මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් පසුවිය යුතු බවයි දැනුම් දෙන්නේ .
එසේම එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාවට ද සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු ජී. ඩබ්ලිව්. ඒ සකුරා දිල්තාරා මහත්මිය පැවසීය.

