ප්‍රදේශ කිහිපයක ගංවතුර අනතුරු ඇගවීම් දීර්ඝ කරයි

මහවැලි ගඟ, හැඩඔය, දැදුරු ඔය සහ මුන්දෙණිආරු සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනය ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව එම ගංගා ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් පසුවිය යුතු බවයි දැනුම් දෙන්නේ .

එසේම එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාවට ද සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු ජී. ඩබ්ලිව්. ඒ සකුරා දිල්තාරා මහත්මිය පැවසීය.