අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 132,110කට අයත් පුද්ගලයින් හාරලක්ෂ 41,590 දෙදෙනෙකු බලපෑමට ලක්වී ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.
එම මධ්‍යස්ථානය අද (29) පෙ.ව. 6ට නිකුත්කළ යාවත්කාලීන කිරීම අනුව මේ වනවිට පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති අතර 20 දෙනෙකු තුවාල ලබා තිබේ.
නිවාස 102ක් පූර්ණ හානියට ලක්වී ඇති අතර අර්ධ හානි වී ඇති නිවාස ගණන 2,096ක් වනවා .
පවතින තත්ත්වය හේතුවෙන් පවුල් 45,329කට අයත් පුද්ගලයින් 115,319 දෙනෙකු ඥාති නිවාසවල සිටින අතර ආරක්ෂිත ස්ථාන 347ක පවුල් 12,348කට අයත් පුද්ගලයින් 38,616 දෙනෙකු රැඳීසිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
වැඩිම බලපෑමකට ලක්වී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයට වන අතර පවුල් 43,631කට අයත් පුද්ගලයින් 149,491 දෙනෙකු බලපෑමට ලක්වී තිබෙනවා .

