දස වන පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සම්පාදය සම්බන්ධව දින 03ක වැඩමුළුවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ලබන 25, 26 සහ 27 යන දිනවල මෙම වැඩමුළුව පැවැත්වෙන බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
එමෙන්ම, නවක මන්ත්‍රීවරු ලියාපදිංචි කිරීමේ කටයුතු ද ලබන 18 සිට 20 දක්වා සිදු කිරීමට නියමිතව තිබෙනවා.
මෙම වැඩ කටයුතු හේතුවෙන් පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩුද ලබන 18 වනදා සිට 22 වනදා දක්වා අවලංගු කර තිබෙනවා.
නව පාර්ලිමේන්තු සැසිය ලබන 21 වනදා උදෑසන 10ට රැස්වීමට නියමිතයි.

